තනි පුද්ගල / නව හවුල් ව්‍යාපාර නාම ලියාපදිංචිය
අවශ්‍ය ලේඛන
- රු.25ක මුද්දර අලවා සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
- ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපත
- ව්‍යාපාරික ස්ථානයේ අයිතිය තහවුරු කිරීමේ ලිපි ලේඛන
- ඔප්පුව / බලපත්‍රය / දීමනා පත්‍රය / බදු ගිවිසුම්
- ඔප්පුව තමාට අයිති වූවක් නොවේ නම් අයිතිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය
- ඔප්පු හෝ බලපත්‍ර නොමැති නම් අදාළ ස්ථානයේ ස්ථීර පදිංචි බවට තහවුරු කරන ග්‍රාම නිලධාරි සහතික කරන ලද ලිපිය
- ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම පිළබඳ ග්‍රාම නිලධාරි වාර්තාව
- මුදල් භාර ගැනිමේ කුවිතාන්සිය
ගාස්තුව : රු.2,000.00
(මෙහිදි ව්‍යාපාරය ආරම්භ කර මසක් ඇතුළත අයදුම්පත භාර දී නොමැති නම් වැඩිවන සෑම මාසයක් සඳහාම රු.25.00 බැඟින් දඩ මුදල් අය කළ යුතුය)
| වැඩ පියවර | කාල සීමාව |
| ඉල්ලුම් පත්‍රය හා අනෙකුත් ලේඛන පරීක්ෂා කර භාර ගැනීම. | |
| ↓ | |
| අදාල ආකෘති පත්‍රය යටතේ ග්‍රාම නිලධාරි වාර්තාව කැඳවීම | දින 07 |
| ↓ | |
| අදාල මුදල් ගෙවීමට PIV නිකුත් කිරීම | මිනිත්තු 1 |
| ↓ | |
| අදාල අංකය යටතේ ලේඛනගත කිරීම. | මිනිත්තු 2 |
| ↓ | |
| ලේඛන අංකය යටතේ නව ගොනුවක් විවෘත කිරීම | මිනිත්තු 2 |
| ↓ | |
| කුවිතාන්සිපත පරීක්ෂා කර සහතික පත්‍රය සකස් කිරීම | මිනිත්තු 10 |
| ↓ | |
| සහතික පත්‍රය අනුමත කිරීම සඳහා යොමු කිරීම | මිනිත්තු 3 |
| ↓ | |
| ව්‍යාපාර නාම සහතික පත්‍රය අයදුම්කරුට භාර දීම | මිනිත්තු 1 |
ඉඟිය: අයදුම්පත පිරවීම සඳහා පහත සබැඳිය ක්ලික් කරන්න : BR අයදුම්පත
තනි පුද්ගල / හවුල් ව්‍යාපාර නාම සංශෝධනය
අවශ්‍ය ලේඛන
- රු.25ක මුද්දර අලවා සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය (මෙහිදි අයදුම් පත්‍රයේ සඳහන් දිවුරුම් ප්‍රකාශය සාම විනිසුරුවරයෙකු ඉදිරියේ අත්සන් තබා තිබිය යුතුය.)
- මින් පෙර මෙම කාර්යාලයෙන් නිකුත් කර ඇති ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකය.
- ව්‍යාපාර නාමය සංශෝධනය කිරීම පිළබඳ ග්‍රාම නිලධාරි වාර්තාව
- මුදල් භාර ගැනිමේ කුවිතාන්සිය.
ගාස්තුව : රු.2,000.00
| වැඩ පියවර | කාල සීමාව |
| ඉල්ලුම් පත්‍රය හා අනෙකුත් ලේඛන පරීක්ෂා කර භාර ගැනීම. | |
| ↓ | |
| අදාල ආකෘති පත්‍රය යටතේ ග්‍රාම නිලධාරි වාර්තාව කැඳවීම. | දින 07 |
| ↓ | |
| අදාල මුදල් ගෙවීමට PIV නිකුත් කිරීම | මිනිත්තු 1 |
| ↓ | |
| මින් පෙර සිදු කරන ලද ලියාපදිංචි කිරීමට අදාල අංකය යටතේ නව සංශෝධනය සඳහන් කිරීම. | මිනිත්තු 2 |
| ↓ | |
| මින් පෙර අදාල ව්‍යාපාර නාමය වෙනුවෙන් විවෘත කර ඇති ගොනුවට ඇතුළත් කිරීම | මිනිත්තු 2 |
| ↓ | |
| කුවිතාන්සිපත පරීක්ෂා කර සහතික පත්‍රය සකස් කිරීම. | මිනිත්තු 10 |
| ↓ | |
| සහතික පත්‍රය අනුමත කිරීම සඳහා යොමු කිරීම | මිනිත්තු 3 |
| ↓ | |
| ව්‍යාපාර නාම සහතික පත්‍රය අයදුම්කරුට භාර දීම | මිනිත්තු 1 |















